එළැඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මේ වනවිට විවිධ පාර්ශ්ව විසින් ඉදිරිපත් කරන සමීක්ෂණ වාර්තා පිළිබඳ විශ්වාස නොකරන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කලේය.

ඊයේ (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා දැනුම් දුන්නේ ජනාධිපතිවරණය පිළිබඳ නිවැරැදි සමීක්ෂණය තිබෙන්නේ සැප්තැම්බර් මස 21 වැනිදා වන බවයි.

ඒ සඳහා තවත් මාසයක පමණ කාලයක් පවතින බවත්, එම කාලයේදී ප්‍රතිඵල සම්බන්ධයෙන් නිකුත් කෙරෙන කටයුතු පිළිබඳ විශේෂ කාර්යයක් සිදුකිරීමට අවශ්‍ය නොමැති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව විවිධ පාර්ශ්ව විවිධ කරුණු කාරණා මත සිදුකරණ සමීක්ෂණ සම්බන්ධයෙන් නොමග නොයන ලෙස මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා ඡන්දදායකයින්ගෙන් ඉල්ලීමක් කළේය.

එම සමීක්ෂණ මත පදනම්ව තමන්ගේ මතය වෙනස් කිරීමට අවශ්‍ය නොමැති බවත්, පුරවැසියෙකු ලෙස තමන් කැමති පක්ෂයකට, කැමති පුද්ගලයෙකුට ඡන්දය භාවිත කළ හැකි බවත් ඒ මහතා අවධාරණය කර සිටියේය.

Share.

Comments are closed.