ඉදිරි ජනාධිපතිවරණයේදී ඡන්ද පොළවල් සඳහා සාම්ප්‍රදායික ලී පෙට්ටි සහ කාඩ්බෝඩ්වලින් සාදන ලද ඡන්ද පෙට්ටි භාවිත කිරීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

ඒ අනුව කුඩා ,මධ්‍යම සහ විශාල වශයෙන් ප්‍රමාණ තුනකින් සාදනු ලබන කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට නියමිතය.

ලියාපදිංචි ඡන්දදායකයන් සංඛ්‍යාව පිළිබඳව සලකා බලා ඡන්ද මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ලබාදීමට නියමිත බව පැවසේ.

2019 ජනාධිපතිවරණයේදී කාඩ්බෝඩ් පෙට්ටි පමණක් භාවිත කළ අතර 2020 මහ මැතිවරණයේදී ලී සහ කාඩ්බෝඩ් පෙට්ටි දෙකම භාවිතයට ගැනිණි.

Share.

Comments are closed.