ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත කර ඇතැයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

මේ දිනවල ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලය වෙත පැමිණීමට සූදානමින් සිටි නම් ඒ සම්බන්ධයෙන් රැකියා නියෝජිත ආයතනයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීම් කළයුතු බව ඔහු පැවසීය.

පැය 48 කාලයක් සඳහා ඊශ්‍රායලය (25) ප්‍රකාශ කල හදිසි තත්වය හමුවේ සුරක්ෂිතව සිටින ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ.
ආරක්ෂිත ස්ථාන නොමැති නිවාස සහ සේවා ස්ථාන වලට වාර්තා නොකරන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙගෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.

ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලය තානාපති කාර්යාලය අමතන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන බව තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.