පසුගිය සතිය කිහිපය තුළ නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ඉශාන් විජයතිලක මහතා ඇතුළු නුවරඑළිය මහ නගර සභාව සහ රාවණ ගුවන් සරුංගල් සංගමයේ උපදෙස් මත සරුංගල් සංදර්ශනයක් පැවැත් වීය. අනතුරුව සිදුකළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් වශයෙන් සරුංගල් ගුවන්ගත කරමින් ගෘහස්ථ විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ආරම්භ කර ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න සහ ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ සභාපති ආචාර්ය චින්තක ද සිල්වා යන මහත්වරුන් පැවසිය.

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ සභාපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා මාධ්‍ය හමුවේ කියා සිටියේ මෙසේයි.

නුවරඑළියේදී පැවැත්වූ සරුංගල් සංදර්ශනය සඳහා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනයේ දායකත්වය ලබා දී තිබුණා. එහිදී සිදු කළ පර්යේෂණයකින් තමයි අපි  සරුංගල් හරහා බලශක්තිය නිපදවීමේ වැඩ කටයුතු ආරම්භ කරන්නට මේ වනවිට කටයුතු කර තිබෙන්නේ.

සුළං බලයෙන් බලශක්තිය නිපදවීම සාමාන්‍ය දෙයක් වුණත් ඒ සාමාන්‍ය දෙයින් ඔබ්බට ගිහින් සරුංගලයක් ගුවන් ගත කර බලශක්තිය නිපදවීමේ ක්‍රියාදාමය අපි නුවරඑළියෙන් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා.

ලංකාවට මේක අලුත් සංකල්පයක් වුණත් ඇමරිකාව වගේ ප්‍රබල බලවත් රටවල් වල සරුංගලයෙකින් ගෙවල් පහකට වගේ බල ශක්තිය ලබාදෙනවා.”

Share.

Comments are closed.