ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ කිසි­වක් රජයේ රෝහල් තුළ නොමැති බව වග­කී­මෙන් යුතුව ප්‍රකාශ කරන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පති­රණ මහතා සඳහන් කරයි.

ඖෂධ සම්බ­න්ධ­යෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශ­ ශ්‍රව­ණාගා­රයේ ඊයේ (30) පැවැති විශේෂ මාධ්‍ය හමු­වකට සහ­භාගි වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

ප්‍රමි­ති­යෙන් අඩු ඖෂධ ගෙන්වීම සඳහා රජ­යෙන් කිසිදු ඉඩක් නොමැති බවත්, කිසිදු බිය­කින් තොරව රෝගීන්ට රජයේ රෝහල් පද්ධ­තිය තුළින් ලබා­දෙන ඖෂධ ආර­ක්ෂි­තව භාවිත කළ හැකි බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කලේය.

එමෙන්ම සෞඛ්‍ය අමා­ත්‍යාං­ශය කිසිදු හදිසි ඖෂධ මිලදී ගැනී­මක් සිදු නොකරන බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය.

සෞඛ්‍ය අමා­ත්‍ය­ව­රයා ලෙස තමා කට­යුතු කරන තාක් කල් සහ මෙම නිල­ධාරි මණ්ඩ­ලය කට­යුතු කරන තාක් කල් නීති­වි­රෝධී හෝ සම්ප්‍ර­දාය විරෝධී කිසිම කට­යු­ත්ත­කට සම්බන්ධ නොවන බව ඒ මහතා පෙන්වා දුනි.

මේ අතර එම විශේෂ මාධ්‍ය සාක­ච්ඡා­ව සඳහා සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ ලේකම් විශේ­ෂඥ වෛද්‍ය පාලිත මහී­පාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය අසේල ගුණ­ව­ර්ධන, වෛද්‍ය සැප­යුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජන­රාල් වෛද්‍ය ජී. විජේ­සූ­රිය, ඖෂධ නියා­මන අධි­කා­රියේ සභා­පති විශේ­ෂඥ වෛද්‍ය ආනන්ද විජේ­වි­ක්‍රම, රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සාමා­න්‍යා­ධි­කාරි දිනූෂ දස­නා­යක, රාජ්‍ය ඖෂධ නිෂ්පා­දන නීති­ගත සංස්ථාවේ සභා­පති වෛද්‍ය උත්පල ඉන්ද්‍ර­වංශ මහ­ත්වරුන් ඇතුළු නිල­ධා­රීන් පිරි­සක් එක්ව සිටි­යහ.

Share.

Comments are closed.