සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසු කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්මේ වැඩි ඉඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කරයි.

ජනාධිපතිවරණයකින් පසුව පත්වන ජනාධිපතිවරයාට සුදුසු පාර්ලිමේන්තුවක් අවශ්‍ය යැයි සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අවස්ථාවක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

එසේ විසුරුවා හැරීමකට ලක් කළහොත් සති පහත් හතත් ඇතුළ නාම යෝජනා කැඳවා දින හැට හයක් තුළ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට සිදුවන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.