ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රතික්ෂේප විය හැකි අවස්ථාවන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව ඡන්ද දායකයින් දැනුවත් කර ඇත.

මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ඡන්ද දායකයා හඳුනාගත හැකි පරිදි යම් දෙයක් ලියනු ලැබූ හෝ සලකුණු කරනු ලැබූ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප වන බවයි.

• කිසිම අපේක්ෂකයෙකුට ඡන්දය සලකුණු කර නොමැතිවිට
• එක් අපේක්ෂකයෙකුට වඩා වැඩි සංඛ්‍යාවක් වෙනුවෙන් ඡන්දය සලකුණු කර ඇති විට
• දෙවැනි මනාපය හෝ තුන්වැනි මනාපය පමණක් සලකුණු කර ඇතිවිට
• එක හැර වෙනත් සලකුණක් සමග 2, හෝ 3 මනාප සලකුණු කර ඇතිවිට,
• 1,2,3,ට වඩා ඡන්දය සහ මනාප සලකුණු කර ඇති විට                                                                  ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප විය හැකි බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මෙවර ජනාධිපතිවරණයේදී අපේක්ෂකයින් තුන් දෙනෙකුට වැඩි සංඛ්‍යාවක් තරග කරන බැවින් එක් අපේක්ෂකයෙකුට ඡන්දයත්, වෙනත් අපේක්ෂකයින් දෙදෙනෙකුට දෙවන හා තුන්වන මනාපයත්  සලකුණු කළ හැකිය.

කෙසේ වෙතත් ඡන්ද දායකයාට අවශ්‍ය නම් ඡන්දය පමණක් ප්‍රකාශ කළ හැකිය.
ඡන්ද දායකයා, ඡන්ද  පත්‍රිකාවේ තමන් කැමැති අපේක්ෂකයාගේ නම හා ලකුණ ඉදිරියෙන් වෙන්කර ඇති කොටසෙහි එක ඉලක්කම සලකුණු කර, ඡන්දය ප්‍රකාශ කළ යුතු වේ.

අනතුරුව දෙක සහ තුන දරණ ඉලක්කම් සලකුණු කිරීමෙන් තම දෙවන හා තුන්වන මනාප දැක්විය හැකියි.

ඡන්ද පත්‍රිකාවක ඡන්ද දායකයෙකු විසින් සිය දෙවන හෝ තුන්වන මනාපය සලකුණු කර නොමැති වුවද එහි නිසියාකාරව එක් අපේක්ෂකයෙකු වෙනුවෙන් ලකුණු කරන ලද ඡන්දයක් වේ නම් එය වලංගු ඡන්දයක් ලෙස පිළිගැනෙනු ඇත.

Share.

Comments are closed.