මාසිකව ක්‍රියාත්මක වන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12කින් අඩු කිරීමට කටයුතු කර ඇත.
එහි වත්මන් මිල රුපියල් 332ක් වේ.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 02කින් අඩු කර ඇති අතර එහි මිල රුපියල් 377 කි.
ලංකා සුදු ඩීසල් ලීටරයක මිල අඩු කර ඇත්තේ රුපියල් 10 කිනි. ඒ අනුව ඊට රුපියල් 307ක් ඊයේ(31) මධ්‍යම රාත්‍රියේ සිට අය කෙරෙනු ඇත.

සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 03කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 352ක් වේ.
කෙසේ වෙතත් භූමි තෙල් මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන අතර එය අලෙවි කරනු ලබන්නේ රුපියල් 202කටයි.

මේ අතර ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ මිල ගණන්වලට සාපේක්ෂව ඉන්ධන මිල ගණන් පහත දමා ඇත.

Share.

Comments are closed.