මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 7.9කින් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටියි.

පසුගිය අගෝස්තු මාසයේදී වරින් වර ඇතිවූ යම් අවප්‍රමාණය වීමේ පීඩනයන් මධ්‍යයේ වුවත් ශ්‍රී ලංකා රුපියල ශක්තිමත් වූ බව එම බැංකුව සඳහන් කළේය.

එසේම මේ වසරේ පළමු මාස අටේදී ශ්‍රී ලංකා රුපියල යුරෝ මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 4.4කින් ද ශක්තිමත් වී ඇත.

චීන යුවාන් මුදලට සාපේක්ෂව සියයට 7.9කින් ද, ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 10.5කින් ද රුපියල ශක්තිමත් වී ඇති අතර ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.6කින් සහ ඉන්දියානු ඩොලරයට සාපේක්ෂව සියයට 8.8කින් ද රුපියල ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත්  සඳහන් කලේය.

Share.

Comments are closed.