ලෝකයේ නැගී එන මුදල් එකක අතරින් හොදම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා රුපියල අගෝස්තු මාසය අවසන් වන විට 8.21% ස්ථානීය ප්‍රතිලාභ අගයක් පවතින බව Bloomberg වෙළඳපොළ දත්ත අනාවරණය කරයි.

නැගී එන වෙළඳපොළ තුළ ඉහළම කාර්ය සාධනයක් සහිතව මුදල් ඒකකය ලෙස මාර්තු මාසයේ සිට පසුගිය මාස 05 කාලය පුරාවටම එය ප්‍රථම ස්ථානයේ රැදි තිබිණි.

මේ වසරේ දෙවන භාගයේ දී රුපියල හුවමාරු වටිනාකම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල් 295 ත් 305 අතර පවතිනු ඇති බවටද , ලබන වසරේ මුල් භාගය තුළ 305 ත් 315 අතර පවතිනු ඇති බවටද ආර්ථික විශේෂඥයින් අනාවැකි පළකරති.

Share.

Comments are closed.

Exit mobile version