මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම ඊයේ දිනයෙන් ආරම්භ වූ අතර එය අද සහ හෙටත් පැවැත් වේ.

තැපැල් ඡන්ද ප්‍රකාශ කළ කිරීම ආරම්භ කළ දිනයේම ලැබුණු ප්‍රතිශත යයි සඳහන් කරමින් විවිධ පක්ෂවලට අපේක්ෂකයන්ට වාසි වන ආකාරයෙන් සකස් කරන ලද සටහන් සමාජ ජාල ඔස්සේ බෙදා හැර තිබේ.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම හා මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථාන වලට පැමිණිලි ලැබී ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මුලින් සිදුකළද ඒවා ගණනය කරන්නේ සැප්තැම්බර් 21 දින ඡන්ද විමසීම සිදු කර අවසන් වූ පසු බවයි.

මැතිවරණ ප‍්‍රතිඵල සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු බෙදා හැරීම බරපතල වරදක් බවත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් මැතිවරණ කොමිසම වැඩිදුරටත් අවධාරණය කරයි.

Share.

Comments are closed.