මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ පරිගණක අපරාධ සඳහා යොදවා සිටි ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් 20 දෙනෙකු  ඊයේ (05) දිවයිනට පැමිණියහ.

මීට දින කිහිපයකට පෙර ඔවුන් මුදවා ගැනුණු අතර තායිලන්තයේ බැංකොක් සිට ඔවුන් ශ්‍රී ලංකාවට රැගෙන ආවේ ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ සංවිධානයේ අනුග්‍රහය යටතේ යි.

ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 50කට වැඩි පිරිසක් මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායමක් ග්‍රහණයේ චීන අපරාධ කණ්ඩායම් විසින් විවිධ පරිගණක අපරාධ සඳහා යොදවා ගෙන සිටියි.

ඉන් 8 දෙනෙකු මීට පෙර මුදවා ගැනුණි.
තවත් 33 දෙනෙකු මියන්මාරයේ මියාවඩි නගරයේ සිට කිලෝමීටර 26 ක දුරකින් එම අපරාධ කල්ලි ග්‍රහණයේ රැඳී සිටිනබව වාර්තා වේ.

Share.

Comments are closed.