ඉදිරි සතියේදී ඉන්දියාවෙන් ආනයනය කරන මිලියන 03ක බිත්තර තොගයක් දිවයිනට ළඟාවීමට නියමිත බව වාර්තා වේ.

ඉන්දියන් බිත්තරයක් රුපියල් 40 ක මුදලකට ලබා දීමේ හැකියාව ඇති බව සඳහන් ය.

මීට අදාල ප්‍රසම්පාදන කටයුතු අවසන් කර බිත්තර ආනයනය සඳහා අයදුම්පත්‍ර සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය සඳහා යොමු කර ඇති බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර තහවුරු කර තිබේ.

Share.

Comments are closed.