විදුලි සම්බන්ධතා ගැනීමේ දී බදු ලිපිගොනු අංකයක් ගැනීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

මීට අදාළ යෝජනාව මෙවර අයවැයට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවේ නිර්දේශය මත බව පැවසේ.

වාහන ලියාපදිංචිය, ආදායම් බලපත්‍ර ගැනීම , ජංගම ගිණුම් විවෘත කිරීම සහ ඉඩම් හා නිශ්චල දේපළ ඇතුළු දේපළ අත්පත් කර ගැනීම වැනි අවස්ථාවල දී බදු ලිපිගොනු අංකයක් ගැනීම දැනට අනිවාර්ය කර තිබේ.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාවට දන්වා තිබෙන්නේ, විදුලිය ගැනීමේ දී ද එම අවශ්‍යතාව සපුරාලීමට අදාළ නිර්දේශය රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කෙරෙන බවයි.

ඊට අදාළ වාර්තාව මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.