සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව, ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සම සත්කාරකත්වය ලබා දී ඇත.

ඒ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ සහයෝගයෙනි.
‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවණතා’ යන්න මෙවර එහි තේමාවයි.

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුවේ සමාරම්භක දේශනය සිදුකලේය.
විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරගනිමින් සහයෝගී පර්යේෂණවල නියැලීමේ ඇති වැදගත්කම එහිදී අවධාරණය කළ මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ දියුණු ආර්ථිකයක් තුළ ශ්‍රම වෙළෙඳපොළ පීඩන ක්‍රමයන් පහව යාම බලශක්ති මිල ගණන්වල අපේක්ෂිත පහත වැටිමත් සමඟ ගෝලිය උද්ධමනය මාධ්‍යස්ථ වනු ඇති බවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුන් විසින් පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සැසිවාර දෙකකින් මෙම සමුළුව සමන්විත බව සඳහන්ය.

Share.

Comments are closed.