ශ්‍රී ලංකාව සහ සත්කාරක එංගලන්තය අතර තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (09) හතරවැනි දිනටත් ලන්ඩන්හි කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්තය රැස් කළ ලකුණු 325ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ලකුණු 263ක් රැස් කළහ.

එංගලන්තය දෙවැනි ඉනිම සියලු දෙනා දැවී රැස් කලේ ලකුණු 156කි. ළහිරු කුමාර කඩුලු 4ක් දවා ගත් අතර විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය.

ඒ අනුව ලකුණු 219ක ඉලක්කයක් හඹා යන ශ්‍රි ලංකා කණ්ඩායම ඊයේ (08) දිනට තරගය නතර කරන විට කඩුල්ලක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 94කි.

නොදැවී කඩුල්ලේ රැඳී සිටින පැතුම් නිස්සංක සමගින් කුසල් මෙන්ඩිස් තවදුරටත් ක්‍රීඩා කරයි.
කඩුලු 9ක් අතැතිව සිටින ශ්‍රී ලංකාවට මෙම තරගය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 125ක් ලබාගත යුතුයි.

Share.

Comments are closed.