ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තර කරන ලෙස බුද්ධි අංශ දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂම සහ පොලිසිය කඩිනමින් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ. මේ අතර නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ සිනමා ශාලාවේ පැවැති ජන හමුවට සෙල්ලම් පිස්තෝලයක් සහිතව පැමිණි තරුණයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

රැස්වීම පැවැත්වෙන අතරතුරදී පාසල් සිසුවෙකු හා විශ්වවිද්‍යාල සිසුවෙකු රැස්වීම් ශාලාවට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී එහි සිටි නිලධාරීන් පරීක්ෂාවට ලක් කර ඇත.

එහිදී තරුණයන් සන්තකයේ ප්ලාස්ටික් පිස්තෝලයක් තිබී හමුවී තිබේ.

පසු ඔවුන් අත්අඩංගුවට ගෙන වැලිමඩ පොලීසියට භාරදීමට කටයුතු කෙරිණි.
වැලිමඩ පොලිසිය මේ පිළිබඳ  වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.

Comments are closed.