කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවීමෙන් ව්‍යාපාරිකයන් දැඩි ගැටලුවකට මුහුණ පා සිටින බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එම ගැටලුව කඩිනමින් නිරාකරණය කරන ලෙස එම සංසදය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කළේය.
පසුගිය අගෝස්තු මස 2 වැනිදා සිට කෙටි කාලීන ව්‍යාපාරික වීසා නිකුත් කිරීම අත්හිටුවනු ලැබීය.

ඒ අනුව නිසි ව්‍යාපාරික වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදයක් නොමැති වීම හරහා නිල විදේශ ව්‍යාපාරිකයන්ට මෙරටට පැමිණීමේදී දුෂ්කරතා මතු වී ඇති බවද එහි දක්වා තිබේ.

මෙම තත්වය මෙරට ව්‍යාපාර කෙරෙහි අනිසි බලපෑම් ඇතිකරන ඇති බව ඔවුන් පෙන්වා දේ.
අපනයන සහ ව්‍යාපාරික වර්ධනය සඳහා ජාත්‍යන්තර සහභාගිත්වය අත්‍යවශ්‍ය සාධකයක් බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය අවධාරණය කර සිටියි.

ජාතික ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් විශේෂයෙන්ම ඇඟලුම් කර්මාන්තයට විදේශ ව්‍යාපාරික ප්‍රජාවගේ සහභාගිත්වය අනිවාර්ය සාධකයක් බව ද එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර ඇත.

Share.

Comments are closed.