ඊයේ (11) දිනයේ පැවැති මහ බැංකුවේ බිලියන 180ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය සඳහා ගැණුම්කරුවන් ඉදිරිපත් වී නැත.

එහි පොලිය සියයට දහයක් ඉක්මවා ඉහල අගයක පැවතියද ගැනුම්කරුවන් කිසිවකු ඉදිරිපත් වී නොතිබීම විශේෂත්වයකි.
ජනාධිපතිවරණය ආසන්නයේ මෙම භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ ඉදිරියේදී ඇතිවිය හැකි දේශපාලන අස්ථාවරත්වය සම්බන්ධ අවදානම හේතුවෙනි.

කෙසේ වෙතත් මෙම තත්ත්වය මත මහ බැංකුවට රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා විකල්ප ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇත.
මේ වනවිට මුදල් අච්චු ගැසීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සීමා කර ඇති පසුබිමක විදෙස් ණය ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.

එසේ නොවන්නේ නම් බදු ඉහල දැමීමක් හෝ රාජ්‍ය දේපළ විකුණා දැමීමක් සම්බන්ධයෙන්ද උනන්දු වීමට මෙම තත්ත්වය හේතු වනු ඇත.

Share.

Comments are closed.