එළැඹෙන මැතිවරණයෙන් පසු කවුරුන් ජනාධිපති ධූරයට පත් වුවද ඔහු සමඟ කටයුතු කිරීමට සූදානම් බව චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශකවරයා පැවසීය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීමට චීනය නිරතුරුවම කැපවන බව චීනය තහවුරු කළේය.

කොළඹ වරාය නගරයේ ඊයේ(12) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී කොළඹ චීන තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක Zhu Yanwei මහතා විසින් චීනය කිසිම රටක අභ්‍යන්තර කටයුතු වලට මැදිහත්වීම් නොකිරීමේ ප්‍රතිපත්තිය අවධාරණය කරමින් කියා සිටියේ නව ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවයි.

අපි කිසිම රටක ස්වෛරීභාවයට හෝ ඒකාග්‍රතාවයට බාධා කරන්නේ නැහැ. ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසු කවුරු බලයට පැමිණියත්, නව ජනාධිපතිවරයා සමඟ කටයුතු කිරීමට චීනය සූදානම්,”

දකුණු චීන මුහුදේ ආතතීන් සහ තායිවානය සම්බන්ධ තත්ත්වය පිළිබඳව අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් චීන තානාපති Qi Zhenhong, එක් චීනයක් ප්‍රතිපත්තිය සඳහා ශ්‍රී ලංකාවේ දීර්ඝකාලීන සහයෝගය අගය කළේය.

මෙම මාධ්‍ය හමුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ප්‍රධාන ව්‍යාපෘති පිළිබඳ දැනුවත් කරනු ලැබීය. කොළඹ වරාය නගර ව්‍යාපෘති කළමනාකරු සංවර්ධන ප්‍රගතිය පිළිබඳ අදහස් දැක්වූ අතර, හම්බන්තොට වරාය ව්‍යාපෘති කළමණාකරු ඇතැම් විදේශීය මාධ්‍ය ආයතනවල “පක්ෂග්‍රාහී ආඛ්‍යාන” ලෙස විස්තර කළ ද වරායේ කැපී පෙනෙන වර්ධනයක් ඉස්මතු කරන බව දැක්වීය.

Share.

Comments are closed.