ඉදිරි ජනාධිපතිවරයෙන් පසු පත්වන නව පාලනය සමඟ තම වැඩසටහන ඉදිරියට ගෙන යාමට සාකච්ඡා කිරීමට සූදානම් බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කරයි.

 ශ්‍රී ලංකාව මෙම වැඩසටහන මගින් සැලකිය යුතු ජයග්‍රහණ අත්කරගෙන ඇති නමුත් අර්බුදයෙන් ගොඩ ඒමට මෙම ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් බව ද එම අරමුදල කියා තිබේ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය ජුලි කොසැක් මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකදීය.
ශ්‍රී ලංකාව මුල්‍ය අරමුදල සමග ඇතිකරගත් වැඩසටහන තුල උද්දමනය පහළ යමින් ඇති බවත් සංචිත ඉහළ යමින් ඇති බවත් සඳහන් කල ඇය මෙම තත්වය ඉදිරියටද පත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව කියා සිටියාය.

රට තවමත් පවතින්නේ ආර්ථික අර්බුදයක බවත් ලබා ගත් ජයග්‍රහණය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවද ඇය අවධාරණය කරන්නීය.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහභාගී නොවන බවද පවසන ඇය එම සාකච්ඡා සිදු කරන්නේ ණය හිමි සාමාජික රටවල් හා අදාල රට අතර පමණක් බවද කියා ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කාර්යභාරය ණය තිරසර භාවය සම්බන්ධයෙන් තක්සේරුවක් කිරීම පමණක් බවත් ඇය තවදුරටත් අවධාරණය කලාය.

Share.

Comments are closed.