ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඇමෙරිකානු පුරවැසියන් වෙත දෙවන මට්ටමේ අනතුරු ඇඟවීමක් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ශ‍්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21වෙනි දින පැවැත්වෙන හෙයින් ඊට පෙර ඒ අතරතුර හෝ මැතිවරණයෙන් පසුව පෙළපාලි ඇති විය හැකි බවත් එම අවස්ථාවලදී පොලිසිය විසින් ජල ප්‍රහාර, කඳුළු ගෑස් එල්ල ද කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන් පෙන්වා දෙයි.

ජන රාශීන්වලදී සුළු හෝ පූර්ව දැනුම් දීමකින් තොරව ප්‍රචණ්ඩකාරී තත්වයන් ඇතිවිය හැකි බැවින් සාමකාමී ජනරාශීන් වලින් පවා ඈත් වී සිට ලෙසද ඇමරිකානුවන්ට දැනුම් දී ඇත.

සංචාරක ස්ථාන, ප්‍රවාහන මධ්‍යස්ථාන, වෙලඳපොලවල්, සාප්පු සංකීර්ණ, රජයේ පහසුකම්, හෝටල්, සමාජ ශාලා, ආපනශාලා, ආගමික ස්ථාන, උද්‍යාන, ප්‍රධාන ක්‍රීඩා සහ සංස්කෘතික උත්සව, අධ්‍යාපන ආයතන, ඉලක්ක කරගනිමින් සුළු හෝ අනතුරු ඇඟවීමකින් තොරව ත්‍රස්තවාදී ප්‍රහාර ශ්‍රී ලංකාව තුළ සිදුවී බවත් ඒ හේතුවෙන් ඇමරිකාව විසින් නිකුත් කරන උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් නිවේදනයේ තවදුරටත් දැක් වේ.

Share.

Comments are closed.