ඡන්ද පොළවල කලබල ඇති කළහොත් වෙඩි තැබීමට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ වලට අවි ආයුධ ලබාදී ඇත්තේ එවැනි ක්‍රියා පාලනයට බවද ඔහු සඳහන් කළේය.
ඡන්ද විමසීම පැවැත්වෙන දින සහ ඊට පසුව රටේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දැනටමත් සකස් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා මේ ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට පොලිසිය සහ  පොලිස් විශේෂ කාර්ය බළකායට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවා ගන්නා බව ප්‍රකාශ කළේය.

මේ අතර ඡන්ද පෙට්ටි ප්‍රවාහනයේදීද විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙන  බව පොලිස් මූලස්ථානය පවසයි.

Share.

Comments are closed.