දියතලාව හමුදා කඳවුරු භූමියේ පිහිටි Fox hill භූමි භාගය (නරියා කන්ද) ගිනි ගැනීමට ලක් විය. එහි විශාල කොටසක් ගිනි ගෙන දැවෙන අයුරු හපුතලේ දියතලාව මාර්ගයේ ගල් කන්ද ප්‍රාදේශයට පැහැදිලිව දර්ශනය වූ බව සඳහන් වේ.

තවද දියතලාව හෙළ කඳුරුගමුව ගම්මානයේ ඉහළ කොටසේ පිහිටි රක්ෂිත කලාපයේ අක්කර ගණනාවක විශාල ප්‍රදේශයක් ගිනි ගෙන තිබුණු අතර ඇල්ල රක්ෂිත වනයේ පුංචි සිරිපාද වනයේ අක්කර 50කට අධික කොටසක් ගිනි ගෙන තිබේ.

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ මෙසේ රක්ෂිත ගිනි තැබීම වසර ගණනාවක සිට සිදු වුවත් මේවා අවම කිරීමට කිසිදු වැඩපිළිවෙළක් වන නිලධාරීන් හෝ විෂයය භාර අමාත්‍යවරුන් විසින් සිදු නොකිරීමෙන් මෙම ගිනි ගැනීම් සෑම වසරකම සිදු වේ.

Share.

Comments are closed.