ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ ඉකුත් මස 15 දා සිට මේ දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අගතියට හේතුවන සහ නීති විරෝධී ප්‍රවර්ධනය සහිත සබැඳින් 802 ක් හඳුනා ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සමාජ මාධ්‍ය හා සම්බන්ධයෙන් ලැබී ඇති මැතිවරණ පැමිණිලි අනුව විමර්ශනය කිරීමේදී අනාවරණය වූ මෙම සබැඳිවල නීති වීරෝධී පුවත් ,සටහන්,ප්‍රතිචාර ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතව ඇතැයි එම කොමිෂන් සභාව කියයි.

වෛරී ප්‍රකාශ 247 ක්, දුස් තොරතුරු 309 ක්, ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම් 13 ක්, වැරදි පුවත් 174 ක් සහ ජනාධිපතිවරණ පනතට පටහැනි 59 ක් සහිත මේ සබැඳි ඉවත් කරන ලෙස යූටියුබ්, ටික්ටොක්, මෙටා සහ ගූගල් ආයතන වෙත යොමු කළ ද මේ දක්වා ඔවුන් විසින් සබැඳී 121 ක් පමණක් ඉවත් කර සබැඳි 116 ක් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි කොමිෂන් සභාව කියයි.

මේ අනුව තවදුරටත් පසු විපරම් පණිවුඩ ලැබීමට ඇති සබැඳි 565 ක් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Share.

Comments are closed.