ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වේ.
මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ අද (13) පස්වරු 3.00 න් එම කාලය අවසන් වන බවයි.

මේ වන විට වියදම් වාර්තා දී තිබෙන්නේ  අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතුය.

එම වාර්තා භාරදිය යුත්තේ පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.

එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව කොමිසම පවසයි.
එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වන අතර රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබන බව වාර්තා වේ.

Share.

Comments are closed.

Exit mobile version