කටුනායක ගුවන්තොටුපළින් විදෙස්ගත වීමට පැමිණි ඩෑන් ප‍්‍රියසාද් ආගමන විගමන නිලධාරීන් විසින් ආපසු හරවා යවා ඇත.

ඒ ඔහුට එරෙහිව අධිකරණය විසින් පනවා තිබූ විදෙස් ගුවන් ගමන් තහනමක් හේතුවෙනි.

ඩුබායි බලා යාමට ඔහු අද පෙරවරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

පසුගිය සමයේ අරගලයට පහර දීමේ සිදුවීමේ විත්තිකරුවකු ලෙස නම් කර ඇති ඔහුට රටින් පිටවීම අධිකරණ විසින් තහනම් කර ඇත.

Share.

Comments are closed.