මැතිවරණ කොමිසමේදී විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මීට සුළු මොහොතකට පෙර කැඳවා තිබුනේ මැතිවරණ කොමිසමේ සභාපති R.M.A.L රත්නායක මහතා විසිනි.  මේ වන විට කිසිදු අපේක්ෂකයෙකු බහුතර ඡන්ද ප්‍රමාණයක් ලබා නොමැති හෙයින්  දෙවෙනි මනාපය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන බව ඔහු සඳහන් කලේය. ඒ අනුව අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයින් දෙදෙනා හැර සෙසු අපේක්ෂකයින් තරඟයෙන් ඉවත් කෙරේ.

මෙම කටයුත්ත සිදු කරන ආකාරය පිළිබඳ සභාපතිවරයා මැතිවරණ කොට්ඨාශ භාර තේරිම් භාර නිලධාරීන්ට සියළු උපදෙස් ලබා දී තිබේ.  මනාප ගණන් කිරීමෙන් පසු සියළු ප්‍රතිඵල මැතිවරණ කොමිෂම වෙත වාර්තා කල යුතු බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version