2024 ජනාධිපතිවරණයේදී ජාතික ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානයක මහතා වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇති බව එහි ඉහල නායකයෙක් මාධ්‍ය වෙත තහවුරු කර ඇත.

ඡන්ද ගණන් කරන ස්ථානයේ සිටින නියෝජිතයන්ගේ තොරතුරු උපුටා දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
ඒ අනුව දෙවන මනාපය ගණන් කිරීමේ අවශ්‍යතාවක් ඇති වූව ද දෙවන ස්ථානය හිමි කරගන්නා අපේක්ෂකයා අතර විශාල පරතයක් පවතින බව ද එම ප්‍රකාශකයා අවධාරණය කලේය.

අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමෙන් අනතුරු අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමට සැලැසුම් කර ඇති බව ද සඳහන් වේ.

ඒ අනුව ඉරිදා පස්වරුවේ ඔහු දිවුරුම් දෙනු ඇති බවට එම නායකයා ප්‍රකාශ කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version