අභිනව නව ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතා සුබ පැතුම් එක්කර ඇත.

ඔහු සිය X ගිණුමේ සටහන් තබමින් සඳහන් කර ඇත්තේ, ඔහු ලද ජනාධිපතිවරණ ජයග්‍රහණය පිළිබඳව සුබ පතන අතරම, ඉන්දියාවේ අසල්වැසියා ලෙස ශ්‍රී ලංකාවට විශේෂ ස්ථානයක් හිමිවන බවයි.

දෙරටේ ජනතාවගේ සහ සමස්ත කලාපයේ ප්‍රයෝජනය සඳහා බහුවිධ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා නව ජනපතිවරයා සමඟ සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තුවන බව ඉන්දීය අගමැති මෝදි එහි දක්වා තිබේ.

එසේම ඉන්දීය මහ කොමසාරිස්තුමා ද දිසානායක මහතාව හමුවී සුබ පැතුම් එක් කර ඇති බව සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version