ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කලේ ව්‍යාස්ථාපිත බලය හිමි වන පලමු මොහොතේම ආණ්ඩුව විසුරු වීමට සූදානම් බවයි. ඇය ශ‍්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරිය ලෙස අද දිනයේ දිවුරුම් දීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

ඇය සමග තවත් සිව් දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් මැතිවරණය පවත්වන තෙක් භාරකාර රජයක් ලෙස දිවුරුම් දීමට නියමිතය.

වත්මන් පාර්ලිමේන්තුවද අද දිනයේ නව ජනාධිපති අනුර දිසානායක මහතා විසින් විසුරුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සඳහන් වේ.
ඒ අනුව පාර්ලිමේන්තු මහ මැතිවරණය එළඹෙන නොවැම්බර් මස අගදී පැවැත්වීමට වැඩි ඉඩකඩක් තිබේ.

Share.

Comments are closed.

Exit mobile version