නව ජනාධිපති ලේකම් වශයෙන් ආචාර්ය සනත් නන්දික කුමානායක මහතා පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත්කිරීම සිදුකර ඇත.
සනත් නන්දික කුමානායක මහතා කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.

ඒ මහතා සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් හිමි අයෙක් වන අතර ශ්‍රී ලංකා රේගුවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයෙකු ලෙසද සේවය කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version