සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර අද (26) පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී කමිඳු මෙන්ඩිස් නව වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

ටෙස්ට් තරග අටකදී අඛණ්ඩව ලකුණු 50ට වැඩි ලකුණු සංඛ්‍යාවක් රැස් කළ ක්‍රීඩකයා බවට පත්වෙමිනි.
තවද, මෙම වාර්තාව ක්‍රිකට් ඉතිහාසය තුළ වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වීමටද අද දිනයේ ඔහු සමත්විය.

සංචාරක නවසීලන්ත – ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේදී පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 306ක් රැස් කර ගැනීමට සමත් වුණි. ඒ කඩුළු 03ක් දැවී තිබියදී ය.

අද තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ දිනේෂ් චන්දිමාල් සිය ටෙස්ට් දිවියේ 16 වැනි ශතකය ලෙසින් ලකුණු 116ක්ද, දිමුත් කරුණාරත්න ලකුණු ලකුණු 46ක්ද, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 78ක්ද, කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 51ක්ද රැස් කර ගැනීමට සමත්විය.

පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායමේ Tim Southee සහ Glenn Phillips එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත් වුණි.

Share.

Comments are closed.

Exit mobile version