මෙවර (2024) කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අදින් (සැප්තැම්බර් 27) ආරම්භ වේ.

පොත් ප්‍රදර්ශනය අද සිට ඔක්තෝබර් 06 තෙක්, පුරා දින 10ක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) පෙ.ව. 9.00 සිට ප.ව. 9.00 දක්වා පැවැත්වෙනු ඇත.

මෙවර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධානය වන්නේ 25 වන වරටයි.

ඒ අනුව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය මීට ඉහත ප්‍රකාශ කළේ, මෙම වසරේ ඇති අධික ඉල්ලුමත්, 25 වන සංවත්සරය යෙදීම නිසාවෙනුත් මෙවර පොත් ප්‍රදර්ශනය වෙන වසරවලට සාපේක්ෂව වඩාත් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර ඇති බවයි.

Share.

Comments are closed.

Exit mobile version