කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100 රුපියල් 150 ත් අතර මුදලකින් අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් 1000, රුපියල් 1100 අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කර ඇත.

ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850 ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද පවසා සිටියේය.

Share.

Comments are closed.

Exit mobile version