ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ.

එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. නමුත් වික්‍රමසිංහ මහතා මේ දක්වා එයට කැමැත්ත පළ කර නැත.

හිටපු ජනාධිපතිවරයාගේ නම එම ධුරය සඳහා යෝජනා කර තිබුණේ ඔහු ජනාධිපති ධුරයේ කටයුතු කරන කාලයේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වැඩ කටයුතු කළ ආකාරය නිරීක්ෂණය කිරීමෙන් බව ආසියානු සංවර්ධන බැංකුව සඳහන් කර ඇත.

හිටපු ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය ලෝකයටම ආදර්ශයක් බවත් එම බැංකුව සඳහන් කර තිබේ.

මේ අතර ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොවන බව හිතපු ජනාධිපතිවරයා සඳහන් කළ බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සඳහන් කර ඇත.

Share.

Comments are closed.

Exit mobile version