ශ්‍රී ලංකන් ගුවන් සේවය දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය ලෙස පිදුම් ලබයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ” දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස ඇගැයීමට ලක් විය.
ඒ පසුගියදා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති, දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී (South Asian Travel Awards) යි.

මෙම සම්මාන උළෙල දකුණු ආසියානු කළාපයේ සංචාරක සේවා කර්මාන්තයේ වඩාත් ගෞරවනීයම සම්මාන උළෙල ලෙස හැඳින්වේ.
එය වාර්ෂිකව සංවිධානය කරනු ලබන සම්මාන උළෙලකි.

අදාළ ක්ෂේත්‍රවල වෘත්තිකයන් සහ පාරිභෝගිකයන් විසින් ලබාදෙන ජන්ද අනුව සංවිධායක මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙලේ තෝරා ගැනීම් සිදුකරනු ලැබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය දකුණු ආසියානු කළාපයේ ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය, නේපාලය ඇතුළු රටවල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත සතියකට ගුවන් ගමන් වාර 130ක් පමණ ක්‍රියාත්මක ක‍ිරීමද විශේෂත්වයකි.

Share.

Comments are closed.

Exit mobile version