හිටපු ජනාධිපතිවරු ඇතුළු ප්‍රභූවරුන්ට දී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර පිළිබඳ සාකච්ඡාවක් ලබන සඳුදා (30) පැවැත්වීමට නියමිත බව වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසීය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙනු ඇත.
එහිදී දැනට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින තර්ජන පිළිබඳව සමාලෝචනය කිරීමට නියමිතය.

පසුව ඔවුන්ට දැනට ලබා දී ඇති ආරක්ෂාව අඩුකරන්නේද නැද්ද යන්න පිළිබඳව එකඟතාවකට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ශ්‍රී දළදා මාලිගාව,ශ්‍රී මහා බෝධිය වැනි ස්ථාන වලට දැනට යොදවා ඇති ආරක්ෂාව අඩුකිරීමක් සිදු නොකරන බව පැවසීය.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පොලිස් ආරක්ෂාව මේ වන විට ඉවත් කර තිබේ.

Share.

Comments are closed.

Exit mobile version