ජනාධිපති ගරු අනුර දිසානායක මහතාගේ නව රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් මෙම සතියේ සිදු කිරීමට නියමිත බව සඳහන් ය.

ඒ සඳහා මුල්‍ය අරමුදලෙන් නියෝජිතයන් ලබන අගහරුවාදා දින මෙරටට පැමිණීමට නියමිත වේ.

ශ්‍රී ලංකාවට එම අරමුදලින් ලබා දෙන විස්තීරණ අරමුදල් පහසුකමේ තුන්වන සමාලෝචනය සම්බන්ධයෙන් නව රජය සමඟ මෙහිදී අදහස් හුවමාරු කර ගැනෙනු ඇත.

Share.

Comments are closed.

Exit mobile version