අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආපනශාලා කෑම වර්ග වල මිළ ගණන් අඩු කිරීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සහ අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂන රුක්ෂාන් මහතා පැවසීය.

ඒ අනුව බිත්තර කෑම, රයිස් සහ කොත්තුවක මිල රුපියල් 40 කින් අඩු කෙරෙන බව වාර්තා වේ.

බිත්තර රෝල් සහ බිත්තර ආප්පයක් රුපියල් 20කින් පහත දැමීමට නියමිතය.
බිත්තර රොටියක මිල ද රුපියල් 30 කින් පහත දමන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version