ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් මිලියනයකට අධික පිරිසකට සිය නිවෙස් වලින් ඉවත් වීමට සිදුව ඇතැයි එරට අග්‍රාමාත්‍ය නජීබ් මිකාති මහතා පවසයි.

ඔහු සඳහන් කළේ එය රටක් ලෙස මුහුණ පා ඇති දරුණුතම ව්‍යසනය බවයි.
අඛණ්ඩව එල්ල වන ප්‍රහාර හමුවේ ජනතාවට පළා යාමට සිදුව ඇතැයි අග්‍රාමාත්‍යවරයා සඳහන් ක‌‌ළේ ය.

පැය 24 ක් තුළ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ලෙබනනයේ මියගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව, 105 කි. කාන්තාවන්, ළමුන් ඇතුළු තුවාල ලැබූ සංඛ්‍යාව, 500 කට ආසන්නයි.

බීරූට් අගනුවරට අමතරව සෙසු ප්‍රදේශ කිහිපයකට ද, ඊශ්‍රායලය බෝම්බ හෙළා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මේ අතර ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින් හිස්බුල්ලා අණදෙන නිලධාරී අලි කරකි සහ ආගමික නායකයෙකු වන  ෂෙයික් නබිල් ද මියගොස් තිබේ.

ජාත්‍යන්තර විශ්ලේෂකයින් පවසන්නේ, මේ අනුව මැදපෙරදිග කලාපය තුළ විශාල යුද්ධයක් නිර්මාණය විය හැකි බවයි.

Share.

Comments are closed.

Exit mobile version