ජනාධිපති අනුර දිසානායක මහතා විසින් ගොවීන් සහ ධීවරයන් සඳහා ලබා දීමට උපදෙස් දුන් පොහොර හා ඉන්ධන සහනාධාරය මැතිවරණ කොමිසම විසින් අත්හිටුවා තිබේ.

ගොවීන් සඳහා රුපියල් 25000ක පොහොර සහනාධාරයක් හා ධීවර ප්‍රජාවට ඉන්ධන සහනාධාරයක් ලබා දීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණි.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මෙවන් සහනාධාර ලබා දීමට දීමේදී අපේක්ෂකයන් අගතියට පත්වීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ගත් බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ අනුව අදාළ ප්‍රතිපත්තිමය තීන්දු මැතිවරණයෙන් පසුව ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිවරයාට දැනුම් දීමටද මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මෙම සහනාධාර ලබා දීම හෙට දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණි.

මෙම යෝජනාවන් දෙකම හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය අතරතුර පෙරාතුවට ක්‍රියාත්මක කිරීමට උපදෙස් දී තිබූ නමුත් එවරද මැතිවරණ කොමිසම විසින් එය අත්හිටුවිය.

Share.

Comments are closed.

Exit mobile version