පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සඳහා ලබා දී තිබූ පිස්තෝල වර්ගයේ ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට භාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

ඒ අනුව  මන්ත්‍රීවරු 225 දෙනාගෙන් 100කට ආසන්න පිරිසක් එලෙස ගිනි අවි ලබා ගෙන ඇති බව මන්ත්‍රී සේවා අංශය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වූ බැවින් ගිනි අවි ආපසු භාර දිය යුතු බව එම නිළධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version