මේ දිනවල අලුයම 05.00න් පසු වල්ගා තරුවක් නැගෙනහිර සහ ගිනිකොණදිග අහසේ දර්ශනය වන බව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ තාරකා විද්‍යා අංශයේ පර්යේෂණ විද්‍යාඥ තීක්ෂන පියදාස මහතා පැවසීය.

2023 ජනවාරි 09 වන දින චීනය විසින් සොයා ගන්නා ලද C/2023 A3 වල්ගා තරුව මෙලෙස දර්ශනය වන බව සඳහන් වේ.
මේ දිනවල අලුයම 05.00 න් පමණ පසු නැගෙනහිර ගිනිකොණදිග අහසේ එම වල්ගා තරුව දර්ශනය වන බව පැවසීය.

ක්ෂිතිජයට ඉතාමත් සමීපයෙන් දර්ශනය වීම නිසා සහ පවතින ආලෝක දුෂණ තත්ත්ව නිසා එය නිරීක්ෂණය කිරීම තරමක් අපහසු වන බව ඒ මහතා කියා සිටි.

මෙම වල්ගා තරුව ඔක්තෝබර් 02 සහ 15 අතර දිනයන්හි දී උපරිම දීප්තියට ළඟා වෙයි.
එම අවස්ථාවේ දී එහි දෘශ්‍ය, විශාලත්වය 46 ක් පමණ වනු ඇති බව සඳහන් වේ.

ඔක්තෝබර් 12 වැනිදායින් පසු මෙම වල්ගා තරුව හිරු බැස යාමෙන් පසුව බටහිර අහසේ දර්ශනය වනු ඇති බව තාරකා විද්‍යාඥයින් පවසයි.
නැවත මෙම වල්ගා තරුව දර්ශනය වන්නේ අවුරුදු 80,000කට පසුව බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version