ජාතික ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා අමාත්‍යවරයෙක් ලෙස පත්කිරීම සම්බන්ධයෙන් නීතිමය ගැටලුවක් මතුවී තිබේ.

ජනාධිපතිවරයා ලෙස අනුර දිසානායක මහතා පත්වීමෙන් පසු පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට ලක්ෂ්මන් නිපුනආරච්චි මහතා පත් කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔහුට මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාව අහිමි විය.

පාර්ලිමේන්තුවට නොපැමිණි මන්ත්‍රීවරයකුට අමාත්‍ය ධූර ලබාගත හැකි යැයි පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පැවසුවත් නීතිපතිවරයා ඊට එකඟ වී නැත.

Share.

Comments are closed.

Exit mobile version