2024 ICC කාන්තා T20 ලෝක කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට සියලු කටයුතු  සූදානම් වේ. මෙම තරගාවලිය ඔක්තෝබර් 3 දා සිට 20 දා දක්වා ඩුබායි සහ සාජා හිදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව,එංගලන්තය, ඉන්දියාව, පකිස්ථානය ඇතුළු කණ්ඩායම් 10ක් තරග වට 23 ක් සඳහා තරග වදිති. අවසන් පූර්ව තරග ඔක්තෝබර් 17 සහ 18 යන දිනවල ඩුබායි සහ සාජාහිදී පැවැත්වීමට නියමිත අතර අවසන් තරගය ඔක්තෝබර් 20 වැනිදා ඩුබායිහිදී පැවැත්වීමට පවත්වනු ඇත.

ක්‍රිකට් තරඟයකදී ශ්‍රී ලාංකේය රස විඳ ගැනීමට පපරේ සංගීතය රැගෙන මෙවර T20 කාන්තා ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකාවේ පපරේ සංගීත කණ්ඩායම එමීර් රාජ්‍යයට පැමිණීමට නියමිතය. කාන්තා ලෝක කුසලානයේ සියලුම තරඟ පපරේ බෑන්ඩ් සංගීත රිද්මයෙන් ඔපවත් කිරීමට ඔවුන් සූදානමින් සිටියි. මේ සඳහා අනුග්‍රාහකත්වය දරන්නේ ICC ක්‍රිකට් ආයතනය විසිනි. පපරේ රිද්මයත් සමඟ අමතක නොවන ක්‍රිකට් තරඟාවලි අත්දැකීමක් විඳගන්න එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකේය ඔබ සැමට ආරාධනා.

Share.

Comments are closed.

Exit mobile version