ඉරානය ඊශ්‍රායලයට එරෙහිව බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු තෙල් මිල ඉහළ ගොස් ඇත. තෙල් සැපයුම කඩාකප්පල් කළ හැකි මැද පෙරදිග පුලුල් ගැටුමක් ඇතිවීමේ ඉඩකඩ ඉහල යමින් තිබේ.

ජාත්‍යන්තරව තෙල් මිල සඳහා ප්‍රධාන මිණුම් ලකුණක් වන බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 74.40 දක්වා 1% ට වඩා වැඩි විය.
එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනයට අනුව ඉරානය ලෝකයේ හත්වන විශාලතම තෙල් නිෂ්පාදකයාවන අතර ඔපෙක් තෙල් නිෂ්පාදකයින්ගේ තුන්වන විශාලතම සාමාජිකයා වේ.

මේ අතර තම ඊශ්‍රායල ප්‍රහාරය මේ වන විට අවසන් කර ඇති බවයි ඉරානය පවසයි.
නමුත් ඉරානයට භයානක ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවණු ඇති බව අමෙරිකාව සහ ඊශ්‍රායලය සඳහන් කර ඇත.

කලාපයේ ඕනෑම මිලිටරි උත්සන්නවීමක් හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නැව් ගමනාගමනයට බලපානු ඇතැයි වෙළෙඳ ප්‍රජාව බිය පල කරති.
ඕමානය සහ ඉරානය අතර පිහිටා ඇති හෝමුස් සමුද්‍ර සන්ධිය නැව් මාර්ගය ලෝක තෙල් වෙළඳාමට ප්‍රධාන වන අතර එය ලෝකයේ සැපයුම් වලින් 20% ක් බව සඳහන්‍ ය.

අනෙකුත් ඔපෙක් සාමාජිකයින් වන සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට් සහ ඉරාකය ද ඔවුන් අපනයනය කරන තෙල්වලින් වැඩි ප්‍රමාණයක් මේ සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කරයි.

Share.

Comments are closed.

Exit mobile version