ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් හා රජයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද (02) පැවැත්වේ. නව ජනාධිපතිවරයා පත්වීමෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතු ඉදිරියට කෙසේ කරගෙන යන්නේ ද යන්න එහිදී සාකච්ඡා කරන බව ඇමැති මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක, ඇමැති විජිත හේරත් මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (01) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම පිළිබඳ හරයාත්මක, ව්‍යුහාත්මක දේවල් පිළිබඳ එහිදී සාකච්ඡා සිදු නොවන බව ඒ මහතා සඳහන් කලේය.

ව්‍යුහාත්මක කරුණු පිළිබඳ සාකච්ඡාවකට මහ බැංකුවේ අධිපතිවරයත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයත් ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ උපදේශකවරුත් සම්බන්ධ වන සාකච්ඡාවක් මේ මාසේ අගදී නිව්යෝක්වල පැවැත්වෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

Share.

Comments are closed.

Exit mobile version