ඉපැරණි ගාල්ල කොටුව තුළ එක් දිසාවකට පමණක් රථ වාහන ධාවනය කිරීමේ නීතිය ක්‍රියාත්මක කිරිම ඊයේ (04) සිට අත්හිටු වීමට තීරණය කල බව ගාල්ල මහ නගර සභාවේ රථවාහන කමිටුව පවසයි.

මං තීරු නීතිය හේතුවෙන් පසුගිය කාලයේ ත්‍රීරෝද රථ රියදුරන්, ව්‍යාපාරිකයින් ඇතුලු බොහෝ ජනතාව පසුගිය දිනවල දැඩි පීඩාවට පත්විය.

පසුගිය සමයේ ජනතාවගෙන් එල්ල වූ දැඩ් විරෝධය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බව එම කමිටුව පවසයි.
ඒ අනුව අද සිට ගාලු කොටුව තුළට පැරණි කොටු දොරකඩින් සහ නව කොටු දොරකඩින් පෙර පරිදිම වාහන ඇතුල්වීම හා පිටවීම සිදු කළ හැකි බව එම කමිටුව වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version