ජනාධිපතිවරයා සහ වත්මන් රජය පිළිබඳව ව්‍යාපාරිකයන් තබා ඇති විශ්වාසය කොටස් වෙළඳ පොළේ මිළ දර්ශකය ඉහල යාමට හේතු වූ බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

කොටස් වෙළඳ පොළේ දර්ශක අගයන් එලෙස ඉහළ යාම සාධනීය තත්වයක් ලෙස ඔහු සඳහන් කරයි. කොටස් වෙළඳ පොළ අගයන් රටේ ආර්ථික,දේශපාලනික ස්ථාවර තත්වය මත රැදි තිබේ.

ඒ අනුව පසුගිය ජනාධිපතිවරණයේදී බලයට පත් වත්මන් ජනාධිපතිවරයා කෙරෙහි ව්‍යාපාරිකයන් දැඩි විශ්වාසයක් තබා ඇත.
ඒ අනුව ව්‍යාපාරිකයන් කොටස් වෙළඳ පොළ තුල ආයෝජනය කිරීමට වෙනදාටත් වඩා වැඩි විශ්වාසයකින් සිදුකරන බව සඳහන් වේ.

විදේශීය ආයෝජකයන් කොටස් වෙළඳ පොළට ආකර්ශනය කර ගැනීමට අවධානය යොමුවිය යුතුය. එමගින් විදේශීය මුදල් වැඩි වශයෙන් රටට ලැබීම සහ කොටස් මිළ දර්ශන අගයන් තවදුරටත් ඉහළ යා හැකි බව වැඩිදුරටත් ඒ මහතා සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version